Skip to content

Lyrics

සිංහල
විදුලි මිණි පහන් දැවී බොළඳ ගී සිනා රැලි නිලංකාර අඳුරේ සිර වී සැඳෑ සාදයේ කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ එන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාධනා ඔබේ හඬ කිඳී සිඳී යයි කතා සරිත් සාගරේ පුරාගෙන පිරූ හිතේ විසුළු කෙලි නැටුම් සිනා යොමා ඇස බලන් යලි සොඳුරේ මැදුරු දොර දිහා දෙන්න කන්න බොන්න නොකියා දෙනෙතින් ආරාධනා දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා හිඳී පලා යයි ඔබේ ලොවෙන් මා දෙපා සමු නොදී

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs