Skip to content

Lyrics

සිංහල
සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ මාමණ්ඩි මට ඇයි මඟහැරියේ හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ (හීන් නඟා ඇයි ගේ මුල්ලේ.. ) වෙනදා ඉදිකඩ අද මට හරස් වෙලා වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා රිදී පොටක් හංගාගෙන ආවා (හීන් නගේ නුඹ නෑ දන්නේ... ) සුදු නැන්දා ඇයි ගෙයි දොර.... තටු පොරවා ගෙන සැළයා කූඩුවෙලා කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා පහන් පැළට අද පරමල් වැඩලා (ගලේ විහාරෙත් ගොලුවීලා... ) සුදු නැන්දා ඇයි ගෙයි දොර....

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs