Skip to content

Lyrics

සිංහල
ඔබ පෙම් කරනා ඔබේ කුමාරි ඔබට ආදරේ කියනා අයුරින් පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරෙයි කියා තිබේ ඔබ පෙම් කරනා ඔබේ කුමාරි මටද ආදරෙයි කියා තිබේ... සාගර වෙරලේ සොඳුරු සැදෑවක රඟහල කෙලවර අදුරු නිමේශෙක අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය පෙර දවසක මා තුරුළට වී හිඳ මටද ආදරෙයි කියා තිබේ ඔබ පෙම් කරනා ඔබේ කුමාරි මටද ආදරෙයි කියා තිබේ... සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී දොඩමළු පෙම්බස් ගොලුවී යද්දී මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය සනහස සඟවා දෙනෙත මුළාවෙන් මටද ආදරෙයි කියා තිබේ... ඔබ පෙම් කරනා ඔබේ කුමාරි මටද ආදරෙයි කියා තිබේ...

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs