Skip to content

Lyrics

සිංහල
කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල්පෙති ඉහිරුනු මල් පාරේ දවසක හමුවෙමු හමුවී හිනැහෙමු හිනැහි වැලපෙමු අපි ආයේ සඳකැන් බොඳවුනු වළා කැදැල්ලේ තරුකැට අහුරක් සිනා මෝදුකර කඳුලින් ඉපදුන ඉන්ද්‍රචාපයේ උදා නොවන සිහිනයක් දකින්නට දවසක හමුවෙමු හමුවී හිනැහෙමු හිනැහි වැලපෙමු අපි ආයේ සියොලඟ මිහිදුම් සළු අතුරාලා මන්දාකිණියේ ඔබ හිනැහෙද්දී උදා ළහිරු සේ මිහිදුම සඟවා නොකී රහස් දෙනයනට කියන්නට දවසක හමුවෙමු හමුවී හිනැහෙමු හිනැහි වැලපෙමු අපි ආයේ කවුරුත් එන්නැති ....

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs