Skip to content

Lyrics

සිංහල
රෑ පැල් රැකලා පැල් කවි කියලා නිදි නැති දෙනෙත බරයි වෙහෙස නිවන්නට තුරුලිය නළවා එන මඳ පවන සුවයි බොල් පිණි මත ළා හිරු රැස් වැටිලා මැණික් ලෙසින් දිලිසේ මට බහ දුන් දා විලියෙන් ඇඹරුණ මැණිකෙගෙ නෙත් විලසේ මෙදා සැරේ කුරහන් කිරි වැදිලා සුළඟේ ළෙල දෙනවා කුඹුකෙන් නා ගෙන වරල විදා යන මැණිකෙව සිහිවෙනවා ගොවිතැන් සාරයි ඒකෙන් නැහැ නොවැ අත මිට අඩුපාඩූ පළඳන්නම් ගෙල මාල සවන් යුග ළෙලවමි රන් තෝඩූ ගේ පොඩියෙත් වැඩපල අවසන් මුත් එළියක් එහි නෑනේ මේ කන්නයෙදිම අස්වනු කැපුවම මැණිකෙත් එනවානේ

More by C.T.Fernando

View all songs by C.T.Fernando →

Similar Songs