Skip to content

Lyrics

සිංහල
සඳක් බැස ගියා අවරගිරේ ඉරක් උදා කරලා මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමි සිහි කරලා දෙලුම් මල් පිපුණු දෙවැට දිගේ පාසැල් ගිය කාලේ මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ විවේකයක් ලද විටදී අපි දුව පැන ඇවිදිනවා ගණන් තමයි මගෙ සිතට වදේ නිතරම වරදිනවා ගමේ පාසැලේ වැඩක අපි පෙරමුණ ගෙන යනවා තවත් වරක් .... තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා ඉමක් කොණක් නැති අහස වගේ කෙළිලොල් දිවිය මගේ මලක් පිපී සුවඳින් පිරුණා සේ මුහුණේ සිනහ රැඳේ දුකක් සිතේ දැනුණේ නෑ මා හට අද මට දැනෙනු වගේ තවත් වරක් .... තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගෙයි දෙලුම් මල් පිපුණු... මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ පොඩි කාලේ

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs