Skip to content

Lyrics

සිංහල
මගෙ කුඹුරේ ඉනි වැට බිඳලා - ළපටි ගොයම් පැල කා දමලා රැක සිටියෙමි වෙහෙසක් නොබලා - අල්ලා ගෙන ආවෙමි බැඳලා කාගෙද ගොන් වස්සා - මගෙ කුඹුරට බැස්සා හොඳ ගානක් උස්සා - පවරා දෙමි වස්සා කාගෙද මේ හොර වසු පැටියා - සොයා කෙනෙක් එනතුරු සිටියා මගේ අලාභය මේ සැටියා - අය කර ගෙන දෙමි හොර කොටියා කාගෙද ගොන් වස්සා - මගෙ කුඹුරට බැස්සා හොඳ ගානක් උස්සා - පවරා දෙමි වස්සා සවස් වෙලා අපෙ ගේ පැත්තේ - කවුද බොලේ එනවා ඇත්තේ වැටේ කඩුල්ලෙන් අර පැත්තේ - හදුණන මුහුණකි මම දැක්කේ කාගෙද ගොන් වස්සා - මගෙ කුඹුරට බැස්සා හොඳ ගානක් උස්සා - පවරා දෙමි වස්සා සිරිමල් අයියට පැණි වරකා - ගෙන ආවෙමි ගෙදරින් පොරකා සිරිමල් අයියේ මට සළකා - දෙනවද මට මගෙ කළු හරකා දුන්නට පැණි වරකා - දෙන්නමි කළු හරකා මා ගැන තව සලකා - දෙනවද බහ මැණිකා දෙනවද බහ මැණිකා මට දෙනවද බහ මැණිකා මට දෙනවද බහ මැණිකා

More by Annesley Malawana

View all songs by Annesley Malawana →

Similar Songs