Skip to content

Lyrics

සිංහල
කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ වනන්තරේ ඔබ දැක නැති තැනකිනි එන්නේ හමන තාලයටද ගහේ අතු කොළ නැටුවේ අතරමගදි ඔබ එන විට මොනවද දුටුවේ ගොපළු පුතෙක් ගියා උදේ ගව රැල දක්කා මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කා සමගි වෙලා තැන තැන යනවාලු එක රැළේ කැලේ මැදදි සත්තු දැක්කෙ නැද්ද මද නලේ කුරුළු මවක් නැතිවුණ පොඩි පැටවෙකු සෙව්වා තුරුළු කරන් මුව දෙන පැටියට කිරි පෙව්වා බුදුන්ගෙ සිරිපා ඇති යැයි ලොව පරසිද්ද සමන් ගිර වටේ සුළඟේ ඔබ ගියෙ නැද්ද ඔබත් ළමයො මේ අහන්නෙ මොනවද මන්දා අදත් උදෑසන මා සිරිපාදය වැන්දා රටත් බලා සැමට සිසිල බෙද බෙද දෙන්න මටත් ඇහැකිනම් ඔබ මෙන් තැන තැන යන්න

More by Annesley Malawana

View all songs by Annesley Malawana →

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...