Skip to content

Lyrics

සිංහල
සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ මාලගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ මාලගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇදුම වියන්නේ ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි මේ පොඩි ඇදුම වියන්නේ සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්දෑ යාමේ හැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇදුම වියන්නේ ඒ කුලුදුල් දූ දීගෙක දෙන්නයි මoගල ඇදුම වියන්නේ සන්නාලියනේ සන්නාලියනේ සීතල හද එළියේ මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින් කාටද සලුව වියන්නේ හීතල සලුව වියන්නේ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සලුව වියන්නේ කාටද සලුව වියන්නේ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සලුව වියන්නේ මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සලුව වියන්නේ

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs