Skip to content

Lyrics

සිංහල
පාලොස්වක සඳ පායනු වැන්නේ සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා පූරුවේ කල පිං අපට කොයින්දා පූරුවේ කල පිං අපට කොයින්දා සැතපෙන නින්දෙදි රෑ - තුන්යම හීන හතක් පෙනුනා සඳ කිඳුරෙකු ලෙසිනා -එම සඳ ඔබේ රුව නෙත ඇඳුනා සියුමැලි වත දකිනා - මා නෙත ආල මතින් බැඳුනා මියුරු තෙපුල් නගනා - සවනත බිඟු ගී රැල් නැගුනා සවනත බිඟු ගී රැල් නැගුනා කියා ගන්න බැරුවා - සිතු දේ තොල් අතරේ රැඳුනා මනාපදෝ මන්දා - මා සිත ආදර මල් පිපුණා තුන්ඉරි ගෙලට ළඳේ - රිදියෙන් මාල පොටක් දෙන්නා එරබදු මල් මාසේ - නැකතට කැන්දාගෙන යන්නා නැකතට කැන්දාගෙන යන්නා

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs