Skip to content

Lyrics

සිංහල
මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා මී ගස් යට මී වැහි වැහැලා බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ මට තනියක් දැනෙනවා දරට ගිහින් කුරුඳු කැලේ මග වැරදීලා මං එනතුරු හඬා වැටෙද්දී නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ නුඹ නැතිදා මට තනිකම දැනෙනවා පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ හොල්මන් ගැන කතා කියද්දී මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs