Skip to content

Lyrics

සිංහල
කඳුළු කිරි පොවා කැලේ ගහක Karadara Podi Benda – කරදර පොදි බැඳArtist: W..AmaradewaPosted by:Harsha JayamanneView all songs from W..Amaradewa කරදර පොදි බැඳ ගැළ පිට පටවා කරුමයෙ කළු ගොනු පෙරටුවෙ බැඳගෙන මේ ජීවන මග අප යනවා ඒ ගමනේ දුක් දාහෙ නිවාළන සීපද මුවගින් පිට වෙනවා සීපද මුවගින් පිට වෙනවා අප යන මේ මඟ කළුගල් මතුවී පය රත්වීලා බුබුළු නැගෙන සඳ දෑසින් කඳුළැලි මතුවෙනවා ඒ ගමනේ දුක් දාහෙ නිවාළන සීපද මුවගින් පිට වෙනවා සීපද මුවගින් පිට වෙනවා කිරිගල්පොත්තේ කන්ද නගින විට ගම සිටිනා ඔබ හදෙහි ඇඳෙනවා ඒකෙන් ගමනට හිත දෙනවා ඒ ගමනේ දුක් දාහෙ නිවාළන සීපද මුවගින් පිට වෙනවා සීපද මුවගින් පිට වෙනවා

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs