Skip to content

Lyrics

සිංහල
මායම්කාරි මාගේ මායම් දැල් එලා මේ කෝලම් අඩි තබාලා සායම් හීනෙකින් මා සිත්තම් කර දමලා වන්නම් නට නටාලා හර්දේ මා මාළිගාවේ දැන් රඟන්නී තමා මා දෑස මන් මත්වෙලා ආයේ මා ස්වප්න සාගරයේ සරන්නී තමා ආලේම වත්තම් වීලා සත්තම් සෙනෙහෙන් හනික ගෙත්තම් කරමින් ශෘන්ගාරේ මා ගිල්වාලා සින්නක්කරමින් හාදු වැස්සක් ඉසිමින් නුරා ගින්නේ දමාලා මා පෙම්බැඳි විසෙන්තී පෙන්නා රන් සරාගී බැල්මන් තව හෙලන්නී කෝලව ගී ගයන්නී අනුරාස්වර වයන්නී බන්ධන කර පෙළන්නී සැංගී මා ළයතුරේ හද කිතිකවන්නී තමා මා පපුතුරම කලඹාලා පන්නා මා කල් බලා එසැණින් සොයන්නී තමා දෑතේ මගේ සතපාලා සත්තම් සෙනෙහෙන්... RAP : නිතඹ සලන රැඟුම දැක්වනම ගැස්සිල සලිත වුණු මගෙ හදම ගින්නක සට සටම ගාලා දැන් දැවෙන අන්දම දරුණුවටම දැනෙන ලෙසටම රාගය වැක්කෙරෙන දෑසම නේදෝ ශෘන්ගාරේ උතුරා යන තොල්පෙති නේදෝ සර්වාන්ගය දවන යාමය නේදෝ මේ දැන් ගන්න මා තුරුලට ළමැදේ සුව කෝ ඉඟි බිඟි පෑ ලෙසට කෝලම කළ දෙසට කිංකිණි මිණි හඬට වැදුනා මගෙ හිතට ඉක්මණ්කරගන්නට දෑතම ගෙන කරට හනිහනිකට වැළඳ කැන්දන් දැන් යන්නට දිවියම වසඟයට දැන් ගන්නවදෝ අනුරා අඩව්වෙන් මා සිරකරනවදෝ පෙම් බැම්මෙන් ගැලවෙන්න බැරිවම යයිදෝ මා දැන් මායම්කාරී බව දැනගෙන හසුවෙයිදෝ මායම්කාරි මාගේ.... සත්තම් සෙනෙහෙන්...

More by Udaya Sri Wickramasinghe

Thanikama Huru Denetha Pura

Udaya Sri Wickramasinghe

Sindu

තනිකම හුරු දෙනෙත පුරා උණු කදුළැලි රූරා ගියා ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ

Thawa Mohothak Me Tharam

Udaya Sri Wickramasinghe

Sindu

තව මොහොතක් මේ තරම් ලං වී ඉන්නවා නම් හද දොරගුළු විවර කරන් රහසින් පවසන්නම් අදහන්නට...

Susuman Salai Nethu Piyan Arei

Udaya Sri Wickramasinghe

Sindu

සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි උණු කඳුළු වැටී උණුහුම සිසිලයි තත්පරයක් හෝරාවක් කප්...

Suhubul Senehe

Udaya Sri Wickramasinghe

Sindu

මා ඔබගේම වෙලා ඔබේ උණුහුමේ සුවඳේම වෙලිලා ළය තුළ හොවා මගේ උණුහමේ රහසේම සඟවා මගේ දෙ...

Ridawannata Ayemath

Udaya Sri Wickramasinghe

Sindu

රිදවන්නට ආයේමත් මතකෙට ඉඩ දෙන්නෙපා ඔබ මා සතුවීලා උන් බව කිසිවිට අඟවන්නෙපා අපෙ ඇසු...

Ridawa Giyath Mese

Udaya Sri Wickramasinghe

Sindu

රිදවා ගියත් මෙසේ පිටුපා මගේ සෙනෙහේ අහිතක් හිතේ නැහැනේ තවමත් ඔයා සිහිවේ හැම ආත්මය...

View all songs by Udaya Sri Wickramasinghe →

Similar Songs