Skip to content

Lyrics

සිංහල
Eda Meda Thura (Song lyrics) එදා මෙදා තුර කඳුලට විවරව දෑස් පියන් පත් කවුළු වසා ලයේ ගලාගිය සෙනේහයේ සුව සිනා පිරුනු රත් දෙතොල් පියා මිලාන වී ගිය රෝස කොපුල්පෙති කම්මුල් සුදුමැලි පාට හොවා දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා දෑස් කවුලු පත් වලා කඳුලු කැට වෑහෙද්දී මගෙ දෑස් අඟින් කාත් කවුරුවත් වෙතක් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින් ඈත්ව යන්නට සමුගෙන කවුරුන් ඔබෙ මුව දෝතක් සුවඳ පැනින් මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින් ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ ඊයේ වේඟේ අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැති ඇයි මේ ලොව මා තනිව ගියේ ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

More by Sanath Nandasiri

View all songs by Sanath Nandasiri →

Similar Songs