Skip to content

Lyrics

සිංහල
යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්න ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම් කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්.. කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන් පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන් රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන් එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්.. යදමින් බැද විලංගුලා.. ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන් කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගෙ පුතුන් කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන් ‍කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්.. යදමින් බැද විලංගුලා..

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs