Skip to content

Lyrics

සිංහල
(සුරංගීට දුක හිතුණා - යටි තොල කන පිට හැරුණා මුහුණ රෝස පාටින් පිරුණා - කඳුළු පේළියක් වැටුණා).. වැස්සක් අහසින් වැටුණා - ගඟට කඳුළු බිඳු එකතු වුණා කැලේ මැදින් ගඟ ඇදුණා - ඒ ගඟ මුහුදට වැටුණා මුහුදේ පතුලට කිඳුණා - මුතු බෙල්ලෙකු කුස රැදුණා දවස් ගණන් එහි තිබුණා - ඒ කඳුළින් මුතු හැදුණා මුතු කැට ගොඩට ගෙනා - කරාබු යුවළක රැදුණා ඒ කරාබු ගෙදර ගෙනා - සුරංගිට දැන් හරිම හිනා කණට තෝඩු පළඳවනා - කණ් පෙති කටුවෙන් විදිනා දවසක් එන බව හැඟුණා - තාත්තාට දුක හිතුණා

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs