Skip to content

Lyrics

සිංහල
සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ කෑලි කැඩී බිඳී වැටෙයි නිල් කඳු රැල්ලේ කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී දැන් ඔබ ළඟ සිටියි රුවක් විලස නොසෙල්ලී යොදුන් ගණන් ඔබම සොයා ආ සියුමැල්ලී පිළිගනු ඈ කොහි යන්ට ද නැවත ඉගිල්ලී සුළං කපොල්ලේ... ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ කඳුළ පමණි ඇයට උරුම දවස මුළුල්ලේ ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ සුළං කපොල්ලේ...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs