Skip to content

Lyrics

සිංහල
සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේ අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ සරුංගලේ බට පතුරින් නුඹ සැදුවේ අපේ ළමයි සරුංගලේ පාට උලා දැඩි කෙරුවේ අපේ ළමයි සරුංගලේ කොළ අලවා හැඩ කෙරුවේ අපේ ළමයි සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි සරුංගලේ නූල් යොදා උඩ ඇරියෙත් අපේ ළමයි සරුංගලේ උඩ ගිය දා මතක නැතේ අපේ ළමයි සරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs