Skip to content

Lyrics

සිංහල
සක්වල එතෙරට ඇසෙනා - අනන්ත ඈතට දැනෙනා මුළු මිහිතලයම කම්පා කරවන - එකම හඬයි අම්මා මෙතේ බුදුන් දැක නිවන් දකීවා - ගෙදර බුදුන් අම්මා කල්ප කාලෙ දිගු ගමන් තලාවේ -ගිමන් නිවාලන දිය කඳුළයි ඔබ කර පිට හිඳුවා එගොඩට පීනා - සමුදුර තරණය කරලා මවකගෙ මුවඟින් විවරණ ලැබුවා - බුදු හිමි බුදු බව පතලා සුරංගනාවන් පැල් බැඳ අහසේ - දෝත් මුදුන් දී වැඳ වැටෙනා රතු ලේ කිරි කල පින් මහිමයටයි - අම්මාවරු දුක් ගන්නේ ඒ කිරි සුවඳට පරිභව කළ පුතු - නිරයේමයි උපදින්නේ

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs