Skip to content

Lyrics

සිංහල
රුවන් වළා දුහුල් කඩින් පෙරී සදේ රිදී කැළුම් තුෂාර හාර හා එති ගලා හැලෙනවා පුතුගෙ සිඟිති දොතොල් වලට සිනා ගෙනෙනවා සිනා ගෙනෙනවා අනෝතත්ත නෙළුම් විලේ පාවෙන මල් රේණු වලින් සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා පවන් සලනවා අතු අග මල් කුමාරියන් බිඟුමිණි දරල් සැළෙන හඬින් නිදන පුතුගෙ කනට මිහිරි කතා කියනවා සිහින ලොවේ ළපටි සිහින සිතේ අඳිනවා සිතේ අඳිනවා රාජ ඉසුරු බරට වටින වාසනාව කිරුළු දරන මාළිගාව එළිය කරන බිළිඳු නිදනවා සීතනිවන සිහින ලොවට බිළිඳු වඩිනවා බිළිඳු වඩිනවා

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs