Skip to content

Lyrics

සිංහල
ප්‍රඥා ප්‍රදීප දල්වා මෝහාන්ධකාර වනසා ලෝකා ලෝක සදාලා වජ්‍රාසනාරූඪ වූ ශ්‍රි ඝන මෛත්‍රී මූර්තී ශ්‍රී පාද පත්ම නමාමි කරුණා සීතල හදිනී වස්සා සද්ධර්ම වර්ෂා ජනතා විමුක්ති සලසා පෑ ලෝකානුකම්පා ශ්‍රි ඝන මෛත්‍රී මූර්තී ශ්‍රී පාද පත්ම නමාමි පාරමිතා උපහාරී පූණ්‍ය ක්‍රියා බලධාරී ඥාන විශේෂ නිවාසී මාර පරාජිත සෑසී ශ්‍රි ඝන මෛත්‍රී මූර්තී ශ්‍රී පාද පත්ම නමාමි

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs