Skip to content

Lyrics

සිංහල
ඔසරි පොටින් අදින්නෙපා වළාකුළයි ඉරෙන්නේ රිදී පොටින් අදින්නෙපා තරු දෙපටයි කැඩෙන්නේ මුහුණට මගෙ එබෙන්පො හඳ එළියයි නිවෙන්නේ හැමදාමත් ඔච්චම් නෑ ඕළු විලට පනින්නේ එතන් කැළේ වළි කුකුළෝ - මට පෙනි පෙනී නටනවා අත්තන මල මං දැකලා - බඹර තුඩේ වෙලෙනවා බිනර හමට කළුවර දී මේ පෝයත් පිරෙනවා උසුළු විසුළු කළා නෙවෙයි අපි වෙනතක් බලනවා පට සළු පිළි කසී රටේ - විල පෙති දිගේ වඩිනවා මාල වළළු අපට ගෙනා - තරු අතර දිළෙනවා ගමේ කමට බහ දීලා ගමේ කතා හැදෙනවා උසුළු විසුළු කළා නෙවෙයි අපි වෙනතක් බලනවා

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs