Skip to content

Lyrics

සිංහල
ප්‍රේමයේ රුදුරු බව එයයි මිදි යුෂ යැයි රැවටී හලාහල විෂ බිව්වේ ඇයි මා… පෙම් දැල මැද පැටලී සුසුම් ලා මුලා වුනේ ඇයි මා… ප්‍රේමයේ මධුර බව මෙයයි ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ… ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ… ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ… සදා නන්ද කරවූ ඔබේ මධුර රාවෙන් පිපී යාවී අරවින්දයක් සේ තඩාගේ.. ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියාදුන්නේය දැන් මගේ පරමාර්ථය ඔබය මගේ පරමාදර්ශය ඔබය මගේ ඒකායන ප්‍රාර්ථනය ඔබයි ඔබයි රම්‍ය සඳ කිරණ.. උදා වූ සුපෙම් පත් මුසුන් වී රැදේවා මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා… ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවෘත කලේය දැන් මගේ අතීතය ඔබය මගේ වර්තමානය ඔබය මගේ උත්තරීතර අනාගතය ඔබය ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ… ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ…

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs