Skip to content

Lyrics

සිංහල
නිම් වළල්ලෙන් එපිට සඳරැස් ගලන නිල් මීටියාවතේ නිහඬතාවය තුලින් තු වී ඔබේ පා මුදු හඬ ඇසේ පෙළ ගැහී දුර වන්දනාවක ඉගිළ යන සමනලුන්නේ පියාපත් මත තබා ඔබ මා අනන්තය වෙත රැගෙන යේ දහස් මුවෙකින් නැගෙන ඔල්වර සිනා හඬ දසතින් ඇසේ දහස් ගණනක් සෙනඟ අතරේ මහා තනියක් මට දැනේ අහස් ගඟ බඩ හිම වූ කුළු මත ඔබේ රන් මිණි විමානේ පහන් දල්වා තබනු මැන මා නිදන කුටියට පෙනෙන සේ

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs