Skip to content

Lyrics

සිංහල
මේඝයක් සේ හුදෙකලාවී නීල අම්භරයේ නීල අම්භරයේ නොදැන මග තොට බලා වටපිට අයාලේ යන ගමන කොතැනටදෝ ආ .. ආ .. මේඝයක් සේ හුදෙකලාවේ පෑල දිගු රතු සිතිජ රේඛාවේ බුර බුරා නැගි අග්නි ජාලාවේ දැවී අළුවී යාද මා අතරමංවී ඇදෙන මේ ගමනේ ආ .. ආ .. මේඝයක් සේ හුදෙකලාවේ කෘර ව්‍යාකූල චන්ඩ මාරුතයේ ගසා ගෙන ගොස් ගැටී ගිරි මුදුනේ වහා සුන්වී යාද මා අනන්තය ඇස ගැසෙන මතු දිනයේ ආ .. ආ .. මේඝයක් සේ හුදෙකලාවේ මේඝයක් සේ ....

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs