Skip to content

Lyrics

සිංහල
මලේ සුවඳ වාගේ මල මතම රැඳී විලේ ජලය වාගේ විල තුළම රැඳී සඳේ සදාතන ආදර සිසිල වැදී අපේ ආදරේ පවතී සුවඳ දිදී කල්ප කාල මං තල වල හිනා වෙවී කල්ප කාල දුර ආවා වෙනස් නොවී සෙනේ සිතින් ළඟ ඉඳගෙන කතා වෙවී පැතූ පැතුම් මල් වරුසා හෙටත් වහී හිතේ වෙලෙන ලෙන්ගතු කම කියා දිදී පෑව සිනා දුටු දා සිට පෙමින් වෙලී මහා මෙරක් සේ මා සිත නොහැර සිටී නුඹෙන් තොරව ආදරයක් සිතනු බැරී

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs