Skip to content

Lyrics

සිංහල
මහමෙව්නාවේ සමාධි බුදු ඇස රෑ වට සීතල පින්නෙන් පිරුණිද නැතිනම් සැබවින් කදුළින් වැසුණිද පිරිතේ තෙවලා බණ පදයේ සාදුකාරයේ හඬ මවමින් අවි ගැවෙනා හඬ රණ දෙරණේ දෝංකාර දී එයි නැගෙමින් ඒ අසු බුදු ඇස කදුළින් පිරුණිද නැතිනම් රෑ වට පින්නෙන් පිරුණිද හදේ ගලා ගිය මෙත් ගඟුළේ සීතල දිය රැළි ගල් ගැසෙමින් නොමිනස්කම් දළු දමා වැඩේ මිනිසත්භාවය ගිනි තබමින් ඒ අසු බුදු ඇස කදුළින් පිරුණිද නැතිනම් රෑ වට පින්නෙන් පිරුණිද

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs