Skip to content

Lyrics

සිංහල
පෙර රජ දවස වැව් දාගැබ් ගණන් කොට ගල් කණු අතර හප කරමින් බුළත් විට ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද මේ මගෙ නිජ බිමයි ලෝකෙන් උතුම් රට කහට කෝප්පේ පොඟවා ගිලින්නට පාන් කැබැල්ලක් යදිනා දනන් හට ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට රැවටී සුවහසක් බොරු කාරයින් හට පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට දෑසේ කඳුළු ඉතිරිව නැත අඬන්නට එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට උගසට තබා මගෙ රට පිට රටුන් හට ලොව බලවතුන් අභිමුඛයේ දනින් සිට සිගමන් යදිමු සාගින්දර නිවන්නට එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs