Skip to content

Lyrics

සිංහල
කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන අනන්ත බාධක දුක් පීඩා විඳ භවෙන් භවය යන මං සළකුණු දැක ඔබව සොයා ආවා ඔබව සොයා ආවා සත් සමුදුර තරණය කර ආවා සත්කුළු පව් අතරින් දිව ආවා තරු එළියෙන් පියවර මැන ආවා ඔබව සොයා ආවා ඔබව සොයා ආවා කප් සුවහස් කල්... නොනිමෙන ගමනක ආශා පොදි බැඳ මිරිඟුව පසුපස දිව යන ඉකි බිඳ දිවි වෙණ වැයුමට ඔබ පසෙකින් හිඳ ඔබව සොයා ආවා ඔබව සොයා ආවා කප් සුවහස් කල්...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs