Skip to content

Lyrics

සිංහල
වැල්ල සිඹන රැල්ල අපිට මෙහෙම කියනවා අදට වඩා එළිය හඳක් හෙට පායනවා දෙතුන් දවස කන්න නැතත් ශෝක නෑ හිතේ විනෝද මිහිරක් ගෙන දෙයි මුහුදු ජීවිතේ ලලයි ලිලයි ලයි සිසිළයි සුළඟයි ලලයි ලිලයි ලයි සිසිළයි සුළඟයි හිරු බැස යන්නේ සඳපාන සිනාසෙන්නේ බත් බැඳගන්නේ පැල්පතින් පිටත් වෙන්නේ වෙරළට යන්නේ අඹදරු සිපගන්නේ එදිනෙදා වේල සොයා ගන්න දියඹටයි පදින්නේ ලලයි ලිලයි ලයි සිසිළයි සුළඟයි ලලයි ලිලයි ලයි සිසිළයි සුළඟයි දැල් පටලා ඔරුපාරු වල ගිහිල්ලා මලු පුරවාලා එමු තෝරු මෝරු අල්ලා එය විකුණාලා වෙන්දේසියේ දමාලා අපෙ කුසේ ගින්න නිවාගන්න කාසි සොයාපල්ලා ලලයි ලිලයි ලයි සිසිළයි සුළඟයි ලලයි ලිලයි ලයි සිසිළයි සුළඟයි

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs