Skip to content

Lyrics

සිංහල
සුදට සුදේ වළාකුළයි - නිල් අහසේ පාවෙන්නේ කන්ද උඩින් පණිවිඩයයි - පුතුට මගේ ගෙන එන්නේ දොයි දොයි දොයි දොයිය පුතා බයි බයි බයි බයිය පුතා සුරංගනාවනුයි වලා - කුළු අටවාගෙන එන්නේ හඳ මාමයි සිනා සෙසී - රිදී පාර අල්ලන්නේ දොයි දොයි දොයි දොයිය පුතා බයි බයි බයි බයිය පුතා හඳපානේ මද සුළඟයි - ඒ පණිවිඩය ගෙන්වන්නේ අහසේ රන් තරුවක් වී - දෙවියන් එය ලියවන්නේ දොයි දොයි දොයි දොයිය පුතා බයි බයි බයි බයිය පුතා තව මූණකි පුතුලෙ වගේ - කන්දේ ඒ බැබළෙන්නේ ඒ මූණයි මේ මූණයි - තව ටිකකින් සිප ගන්නේ දොයි දොයි දොයි දොයිය පුතා බයි බයි බයි බයිය පුතා

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs