Skip to content

Lyrics

සිංහල
දිනිඳා උදය ගිරි මුදුනෙන් නැඟ එනවා... සුරිඳා පිහිට යැද ගොවි කුඹුරට යනවා... රන්වන් දුල් කරලින් පැසිලා නැමිලා බර වී...ලා.. තල වැවිලා රමණී සෝබා කෙත් වතු පිරිලා සාරා හෝ.. කෙත් වතු පිරිලා සාරා හෝ.. කෙත් වතු පිරිලා සාරා... රන්වන් දුල් කරලින් පැසිලා නැමිලා බර වී...ලා.. තල වැවිලා රමණී සෝබා කෙත් වතු පිරිලා සාරා හෝ.. කෙත් වතු පිරිලා සාරා හෝ.. කෙත් වතු පිරිලා සාරා... ඉඟ නළවා කපමූ නෙළමූ හෝ හෝයියා ඉඟ නළවා කපමූ නෙළමූ හෝ හෝයියා මිටි බැඳලා හිස මත ගනිමූ යාමූ පෙළ සෑදිලා යාමූ පෙළ සෑදිලා යාමූ පෙළ සෑදිලා මිටි බැඳලා හිස මත ගනිමූ යාමූ පෙළ සෑදිලා බට ලී සංගීතේ මත්වූ ගවයෝ රැළේ යා ගොපලුන් හා මිහිරේ වෙළිලා යාවී රංචූ හෝයියා හෝ.. යාවී රංචූ හෝයියා හෝ.. යාවී රංචූ හෝයියා රන්වන් දුල් කරලින් පැසිලා නැමිලා බර වී...ලා.. තල වැවිලා රමණී සෝබා කෙත් වතු පිරිලා සාරා හෝ.. කෙත් වතු පිරිලා සාරා හෝ.. කෙත් වතු පිරිලා සාරා... මඳ සුළඟේ කුල්ලෙන් පොළලා හෝ හෝයියා මඳ සුළඟේ කුල්ලෙන් පොළලා හෝ හෝයියා තල වේලා බොල්පොතු හැරලා කමතේ පිරි ධාන්‍යා කමතේ පිරි ධාන්‍යා කමතේ පිරි ධාන්‍යා තල වේලා බොල්පොතු හැරලා කමතේ පිරි ධාන්‍යා සැම දෙවියෝ පිහිටාධාරේ කරුණා ලැබීලා ගම සාරයි හාමත දුරුවෙයි ගොවි සිත ප්‍රීතියි හෝයියා හෝ.. ගොවි සිත ප්‍රීතියි හෝයියා හෝ.. ගොවි සිත ප්‍රීතියි හෝයියා රන්වන් දුල් කරලින් පැසිලා නැමිලා බර වී...ලා.. තල වැවිලා රමණී සෝබා කෙත් වතු පිරිලා සාරා හෝ.. කෙත් වතු පිරිලා සාරා හෝ.. කෙත් වතු පිරිලා සාරා... රන්වන් දුල් කරලින් පැසිලා නැමිලා බර වී...ලා.. තල වැවිලා රමණී සෝබා කෙත් වතු පිරිලා සාරා හෝ.. කෙත් වතු පිරිලා සාරා හෝ.. කෙත් වතු පිරිලා සාරා...

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs