Skip to content

Lyrics

සිංහල
ගුම් ගුම් ගුම් නඟනා මල් බඹරෝ මල් පැණි වාරේ ආවාදෝ.. පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි බිංදු බිංදු පිණි මුතු වැල් මඟ සරසනවා මට නොකියම හෙමි හෙමිහිට පිය එසවෙනවා කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නදෝ අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ මට මතකයි මට මතකයි පුංචි කාලේ මං රෑ හීනෙන් දේදුන්නේ නැගී ගියා මං ඒ පෙනිච්ච මිහිරි සිහින දැන් සැබෑවුනා රිදී කාසි හැලෙන හඬින් සිත සිනාසුනා මිටියාවත සුදු මිහිදුම් හිම සිහිල් සුවේ පාවි පාවි මං යනවා සිත සැහැල්ලුවේ කවුරුන් හෝ මට කියන්න කනට කොඳුරලා ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs