Skip to content

Lyrics

සිංහල
පෙම් මල් මාලා - නෙලා ගොතාලා - ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා වීර ඔබගේ - ගෙළේ දමාලා - ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා ආලය මෝරා කුසුමේ නැහැවී - බෝ කල් වූවා මා මනමාලි රාජිණී - සුවිනීත බාරී - රාජිණී යස මා හැඩකාරී සොයාලා ආවේ මා මනමාලි - ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා ඔබේ රෑපෙහි ඡායා ඇඳුනීය හෘදේ - කුසුමා ඔබෙමයි මාගෙ රජින්දේ පියඹා ආවා ප්‍රේම කුරුල්ලා - ස්වප්න පුරේහි කූඩු තනන්ටා මහබඹා යස පාර සොයාලා - ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා රිදී කුමාරී අහසෙහි පාවී - කෝමළ ප්‍රේමී පතාවී අසිරී ඔබවේ මාගෙ සිරිකත කුසුමා - මා ඔබේමයි නෑ සැක පැතුමා ඇගේ ප්‍රබෝදේ මෝරා මෝරා - ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා

More by Latha Walpola

View all songs by Latha Walpola →

Similar Songs