Skip to content

Lyrics

සිංහල
සමුගෙන යන්නෙමි මම ඔබ තනිකොට අපේ මතු දියුණ සොයා හිතකින් නොව මා නැව් නැග යන්නේ සිත ඔබේ තුරුලේ තියා ගතින් මෙතැන මම හිතින් ඔබගේ ලඟ කිසිදින වෙනස් නොවේ ජීවිතයට නැත ඔබෙ සෙනෙහස වැනි මිණි කිරුළක් මෙලොවේ සුදු මුදු රැල්ලේ මීදුම් තුරුල්ලේ නැව ඇදිලා යනවා මද පවනැල්ලේ සිත කැළඹිල්ලේ ඔබ ගැන සිහිවෙනවා ප්‍රිය සුහදාණෙනි මා සිරවූයේ දුක්බර බිම් ගෙයකයි ඔබ රුව නෙපෙනී කටහඬ නොඇසී ගත සිත අවිවේකයි වෙරළක දිළිසෙන විදුලිය රේඛා අතරින් එබෙනු දැනේ අඳුර කපාගෙන පහන් ටැඹක් ලෙස ඔබ මට දුරට පෙනේ මටම ලැබෙන තෙක් සක්වල පාලන දෙවියන් රැක දේවා සසර සරන තුරු ඔබ මට නොනිමෙන රන් පහනක් වේවා

More by Indrani Perera

View all songs by Indrani Perera →

Similar Songs