Skip to content

Lyrics

සිංහල
ඈත හිමින් වලා රොදක් පාවෙනවා සීත සුලන් කැරලි ගැසී තදින් හමනවා ආලෝකය අඳුර විසින් ගිලලා දමනවා මහා වැස්සක් හිටිහැටියේ කඩා හැලෙනවා හෝ වැස්ස වැහිනවා හෝ වැස්ස වැහිනවා කානු දිගේ මහා ජයටම වතුර ගලනවා ගෑනු තුන්දෙනෙක් කුඩ යට ගමන් කරනවා කුණාටුවේ සැර ගතියට ගස් කැරකෙනවා වෙලේ තියන පොඩි පැල්පත් පියඹා යනවා හෝ වැස්ස වැහිනවා හෝ වැස්ස වැහිනවා විදුලි කොටනවා සැරටම අකුණු ගහනවා පාරේ ඉන්න කොළු කුරුට්ටෝ වැස්සේ නානවා ජෙමිසාගේ කඩය වේලපහින් වසනවා අහස කුමාරයා තවම කඳුළු සලනවා හෝ වැස්ස වැහිනවා හෝ වැස්ස වැහිනවා

More by Dharmarathna Brothers

View all songs by Dharmarathna Brothers →

Similar Songs