Skip to content

Lyrics

සිංහල
දවස ගෙවී දැන් ටික ටික අඳුර වැටෙන්නා හිරු දෙවියෝ සඳු දෙවඟන මුහුණ සිඹින්නා වෙහෙස වෙලා ගේ හිමියෙක් ගෙදරට එන්නා ඒ බව දුටු සොඳුර ඇවිත් ඔහු පිළිගන්නා ඔහු දරු දෙන්නා - ගත එල්ලෙන්නා ආදරෙ පෙන්නා - සිඹ සනසන්නා මෑණි කෙනෙක් පොඩි බබෙකුගෙ මුහුණ සිඹන්නා එළදෙන පැටියෙකු ළංකර ඌ ලෙව කන්නා තරුණ ළියක් කවුළුවකින් එබිල බලන්නා ඇගේ ඇ‍ගේ සුදු සඳ රැස් එළිය වැටෙන්නා තරු හිනැහෙන්නා - හිරු නොපෙනෙන්නා ඒ අසළින්නා - තරුණෙක් යන්නා පෙම් යුවලක් හඳ පානේ මුකුළු කරන්නා ඒ අසලම තියන ගසක වැළක් එතෙන්නා උපාසිකාවක් මල් ගෙන බුදුන් වඳින්නා සුළඟ වැදීමෙන් බෝ කොළ බිමට හැලෙන්නා පන්සල් එන්නේ - නැද්ද අසන්නේ ඒ විළසින්නේ - සීනු වැදෙන්නා

More by Ct Fernando

View all songs by Ct Fernando →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...