Skip to content

Lyrics

සිංහල
(වෙරළේ මුහුදු රැල්ලේ - කන්දේ ඈත නිල්ලේ පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා ළමයින් රංචු අතරින් ඉන්නා පුංචි ළමයා ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා)... හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ..... (එහේ මෙහේ දුවන්නේ - එයා හරිම දඟයිනේ දාංගලේ මං පොඩි දා වගෙයිනේ කහට බිංදු වැටීලා - කමිස පොඩිය ඉරීලා ගනිච්චියක් ඒත් හිතට නොගන්නේ)... හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ..... (මගේ වගේ පුංචි දා - තෙල් ගා හිස පීරලා ඒත් ආයෙ කොණ්ඩෙ අවුල් වෙලානේ ළමා ළපටි කල්ලියේ - මා වගේම මල්ලියේ ඔයා මමයි මට තාමත් හිතෙන්නේ)... හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ..... වෙරළේ මුහුදු රැල්ලේ - කන්දේ ඈත නිල්ලේ පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා ළමයින් රංචු අතරින් ඉන්නා පුංචි ළමයා ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා (හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ)...

More by Ct Fernando

View all songs by Ct Fernando →

Similar Songs