Skip to content

Lyrics

සිංහල
වෙරළේ මුහුදු වැල්ලේ - කන්දේ ඈත නිල්ලේ පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා ළමයි රංචු අතරින් ඉන්නා පුංචි ළමයා ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ එහේ මෙහේ දුවන්නේ - එයා හරිම දඟයිනේ දාංගලේ මං පොඩිදා වගෙයිනේ කහට බිංදු වැටීලා - කමිස පොඩිය ඉරීලා ගන්ච්චියක් ඒත් හිතට නොගන්නේ හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ මගේ වගේ පුංචි දා - තෙල් ගා හිස පීරලා ඒත් ආයෙ කොණ්ඩෙ අවුල් වෙලානේ ළමා ළපටි කල්ලියේ - මා වගේම මල්ලියේ ඔයා මමයි මට තාමත් හිතෙන්නේ හැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ මං වාගේ

More by Ct Fernando

View all songs by Ct Fernando →

Similar Songs