Skip to content

Lyrics

සිංහල
පැතුම් ලොවේ මුතු අමුණා සොඳුරු ජිවිතේ ආත්මයෙන් ආත්මයට පුදමී ඔබ වෙතේ ඔබේ සිහින චායාවේ මගේම රුව ඇදුනාවේ බඹර තුඩින් මතුවෙනවා රුවන් ගීතිකා ඔබේ දෙතොල් යහනාවේ මගේ ගිමන් නිමුනාවේ අහස් විලේ වළා මැදින් පිපෙන තාරකා ඔබේ සුපෙම් වීණාවේ මගේම ගී වැයුනාවේ හදේ පැතුම් සිතුම් මතින් එන්න ප්‍රිය ළදේ ඔබේ කඳුළු යමුනාවේ අසනිය මල් පිපුනාවේ කඳුළු මැදින් සිනා සලා එන්න ප්‍රිය ළදේ

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs