Skip to content

Lyrics

සිංහල
වැදූ අම්මා නොවුනමුත් මා හැදු අම්මගෙ අදරේ මල්ලියේ නුඹ උපන් දා සිට අඩු වේලා සේ මට හැඟේ... මට කලින් කිරි සිනා දුන්නේ නූඹයි අයියේ මව් ඇකේ මගේ අම්මා නූඹෙත් අම්මා තැව්ල් සංකා ඇයි මෙසේ... එදා ඉර හඳ වගෙ මා ලඟ එළිය දුන් ඒ මව් සෙනේ මට වඩා නුඹ ගැන සොයයි අද වරද කොතැනද මල්ලීයේ... දින ගෙවා ගෙට එන තූරා නුඹ මඟ බලා හැන්දෑකරේ නිදීවරා ඇස දොර ළඟයි නුඹයි අම්මගෙ ජීවිතේ... උදා පෙරවර වගේ දිවි මග සිනා මල් ඇන්ඳු ඇසේ නුඹයි මල්ලී මමයි අයියා පිදුම් දේවිද ජීවිතේ... දයාබර අපි සහෝදරයින් සදාකල් සංසාරයේ නුඹයි අයියා මමයි මල්ලී වෙනස් වෙන්නෑ මේ සෙනේ... වැදූ අම්මා නොවුනමුත්...

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs