Skip to content

Lyrics

සිංහල
උස්‌සංගොඩ කඳු මුදුනට සිසිල ගෙන එන සන්ධ්‍යාවේ සුලඟත් මට නොදෙයි සැනසුම සිත්තම් කර සිත ලඟ සුන්දර පෙම් සිහින දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම නිවාඩුවට වෙනදා වගෙ ආවේ ගම රට මගේ පුංචි කුමාරියගෙ මූණ දකින්න හදාගන්න බැරි තරමට බිඳුනේ මගේ සිත ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක උස්‌සංගොඩ කඳු මුදුනට.... එදා තුරුලු වී මට දුන් මධු මල් සුවඳ සදා සිහි කරයි වැටකේ ගහ යට හෙවණ කඩා හැලෙන කඳුලැලි මුසුවෙලා සයුරට සදාතනික පැතුමන් ඉහිලුවා හදවත උස්‌සංගොඩ කඳු මුදුනට.... දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs