Skip to content

Lyrics

සිංහල
තිස්ස වැවේ ඉවුර ළඟට සිදාදියෙන් සඳක් ඇවිත් උකුළු මුකුළු හිනා හඬින් වැව් දියවර පිනා ගිහින් කවදාවත් නෙත නොගැටුණු සිදාදියේ අරුම සඳක් මටත් හිතක් පහල වුනා අමතක වී දුප්පත්කම් (හිස තැවරූ අමුතු පුසුඹ හිත කුල්මත් වෙලා ගියා ගත තැවරූ සබන් බුබුළු මට වැඩියෙන් පින් කරලා... ) කොරළි පැටව් රංචු පිටින් වීසි දැලෙන් පැනලා ගියා ඈ දෙස මා නෙත් යොමාන ඔරු කඳ ඈතටම ගියා (දියකැට පහනට ඉහලින් පෙම් දියවර උස්ව ගියා මගෙ රුව ඈ නෙත ගැටුනත් සමච්ච්ලෙන් හිනා වුනා... ) ඉරුණු සරමෙ හිල් වැහෙන්න දෙපොට දමා ඇඳ ගත්තා හිතේ වැවුනු සොඳුරු හැඟුම් සොරොව් කටින් එපිට ගියා තිස්ස වැවේ ඉවුර ළඟට....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs