Skip to content

Lyrics

සිංහල
සුදු සඳුන් මලක සුවඳ දිගේ හිත පැටලෙනවා මට කදුළු දිදී නුඹෙ සුවඳට තව ලං වෙනවා ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා සඳුන් සුවඳ තවරාගෙන ඔය වත කමලේ ලැසි ගමන් ලතාවෙන් ආවා හැම හැන්දෑවේ අපි අනන්තයට යන්න නොවේ පාරමි පිරුවේ ඔබ මටත් හොරෙන් කොහෙද ගියේ නෑ මට කිවේ සඳුන් මලක සුවඳ දිගේ හිත පැටලෙනවා මට කදුළු දිදී නුඹෙ සුවඳට තව ලං වෙනවා (ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා).. රිදුම් දිදී පෙරදා ගැන මම සිතන්නෙමී ඒ වේදනාව සතුටක් ලෙස අද විඳින්නෙමී ඔබ යන්න ගියත් මට පිටුපා දුක් නොවන්නෙමී අද සඳුන් මලක සුවද මගේ තනි රකින්නෙමී සඳුන් මලක සුවඳ දිගේ හිත පැටලෙනවා මට කදුළු දිදී නුඹෙ සුවඳට තව ලං වෙනවා (ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා)..

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs