Skip to content

Lyrics

සිංහල
පිනි මල් සීතෙට පිපිච්ච හිච්චි බටිච්චි මගේ නෙතට මුණ ගැටිච්චි හිතට වැදිච්චි හදට මගේ නොසිතු ලෙසේ හැඟුම් දැනිච්චි හිරු බැහැගෙන යන හැන්දෑවේ ඉමුද මලිච්චි යහමින් සැරසී නුඹ දුර ඈතින් එනවා දකිද්දී ඉඟ සොග නලවා කෝමල තාලෙන් ගමන් කරද්දී කෙකටිය මල් ඉගි කරන්නා දිය රැළි වැවු මත රගන්නා මගේ හද සුසුමන් හෙලන්නා නුඹ හට මම වහ වැටෙන්නා පුසුඹ දැනීලා පපුව ගැහෙන්නා පිනි මල් සීතෙට .../ රෑ තුන් යාමේ සඳ වාගේ සුදු මුහුණ මැවෙද්දී මල් රැලි ගවුමේ සිහින පුරා මට මැවී පෙනෙද්දී මදටිය රතු තොල් සැලෙන්නා ලපටිම නිල්ඇස් පෙනෙන්නා මගේ හද සුසුමන් හෙලන්නා නුඹ හට මම වහ වැටෙන්නා පුසුඹ දැනීලා.. පපුව ගැහෙන්නා ..... පිනි මල් සීතෙට ...../

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs