Skip to content

Lyrics

සිංහල
නුවර දළදා හාමුදුරුවනේ බලාගන්නට ඔබ වහන්සේ තෙරපි තෙරපි පෝළිමේ අපි ඔබේ දොර ළඟටමත් ආවා පෙනි පෙනී ඒ රුවන් කරඬුව අනේ ඔබ දොර අගුලු ලෑවා... සියක් සැතපුම් දුරක් ගෙවලා කා නොකා මග වෙහෙස විඳලා නෙලා ගෙන ආ සුදු නෙළුම් අද කඳුලු දිය පැන් වලින් තෙමුණා... සිතින් දහසක් පෙරුම් පුරලා වෑහෙනා බුදු සුවඳ පතලා හදාගෙන ආ සුපින් සිත යලි සුසුම් ගිනිරැස් වලින් වැසුණා... නුවර දළදා හාමුදුරුවනේ...

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs