Skip to content

Lyrics

සිංහල
කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා මල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනා නිල් දෙනෙතින් මට රහසින් පවසනා ආදරේද ඔබ මාගෙන් සඟවනා ඉන වටකර නෙරිය තැබූ රන් සේලේ ගෙල වටකර දිදුලනවා මුතු මාලේ සියුමැලියේ මුදා හැරපු ඔබෙ වරලේ කෙහෙරැල්ලක් රඟදෙනවා මද පවනේ කුමුදු ලියේ .... නා දල්ලෙන් පාට තැබූ ඔබෙ දෙතොලේ අවිහිංසක සිත රැඳුනයි සිනා පෙදේ පාළු අඳුර මකා දමා රන් තරුවේ පායා එන්න හද මැදුරට ඔබ මාගේ කුමුදු ලියේ ....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs