Skip to content

Lyrics

සිංහල
කිවුටිකිරා මුව තවරන මුවැත්තී බෝවිටියා පාට මුවින් හොඳ හසනන මුවැත්තී රනේ රුවට වාත්තුවෙන් කළ රූ ඇති සිඟිත්තී බලාගෙනයි යන එන මඟ අඳුර වැඩි සිතැත්තී හැන්දෑවට පෙම් බඹරු බඹයි රතු කර ගත් නුරා නෙතින් නිල් අඳුරට හිත නලියයි තුරුලුවෙන්න සිහින අරන් බලාගෙනයි මුවැත්තී කිවුටරියේ පාඩම් හෙම අමතක වෙයි සිතැත්තී..... කිවුටිකිරා මුව තවරන........ නින්දාවට අඟ හිඟකම් එයි පෑලදොරින් ගෙට ගොඩවෙයි නිල් තරු මල් හීන රටට නුඹ ගෙන යයි රුවැත්තී බලාගෙනයි සිඟිත්ති අකුරට යන හිත බාලෙදි හොරා ගනි මුවැත්තී...... කිවුටිකිරා මුව තවරන........

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs