Skip to content

Lyrics

සිංහල
(වැසි වසිනා අහස අපි - මුතු බඳිනා මුහුද අපි).. වැසි වසිනා අහස අපි - මුතු බඳිනා.. අ අ අ ආ ආ.. මුතු බඳිනා මුහුද අපි මිණි දිලෙනා පොළව අපි - සිරි ලංකා රටම අපි සිරි ලංකා රටම අපි අපේ පැතුම් අහසට දිරි දී යයි - කමිහල් වල දුමි වළළු දිගේ අපේම දහඩිය මුහුදු ගලා එයි - ගං මෝ ඇළ දොළ කඳුරු වගේ ආ හා හා.. අපේම දහඩිය මුහුදු ගලා එයි - ගං මෝ ඇළ දොළ කඳුරු වගේ දෙරණ පලා රතු කැට මතුවන්නට අප අත දෙනතුරු බලා හිඳී බලව් යොමා නෙත - රටේම මාවත අපේ අතින් ගොඩ නැගෙන සැටි වැසියෝ - අපි පුරවැසියෝ රට රකිනා ජනතාවෝ ගත වැකි දූවිලි රණබරණයි - දහදිය මඩ විළවුන් සුවඳයි රට වෙනුවෙන් ගත සිත වෙහෙසයි - සිත සතුටේ උල්පත එතැනයි වැසියෝ - අපි පුරවැසියෝ රට රකිනා ජනතාවෝ සිරි ලංකා - සිරි ලංකා සිරි ලංකා - රටම අපි සිරි ලංකා - රටම අපි වැසි වසිනා අහස අපි - මුතු බඳිනා මුහුද අපි මිණි දිලෙනා පොළව අපි - සිරි ලංකා රටම අපි සිරි ලංකා රටම අපි (වැසියෝ - අපි පුරවැසියෝ)..

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs