Skip to content

Lyrics

සිංහල
වසන්තයේ මල් කැකුලක් සේ හිනැහී හිනැහී ඔබ සිටියා වසන්තයේ මල් පොකුරු නෙළා ඔබ මා දෝතට ගෙනෙන තුරා මඟ බලමින් මා සිටියා සොඳුරු වසන්තේ ගෙවෙන තුරා සොඳුරු වසන්තේ ගෙවෙන තුරා (අහස පොළොව ගිනියම් අව්වේ ගහකොළ මැලැවෙන ගිම්හානේ).. අවසානේ ඔබ ආවා ඔබ අතැවූ මල් එකිනෙක පරවී සුළඟේ විසිරෙනු මා දුටුවා සුළඟේ විසිරෙන ඒ මල් අතරින් ඔබගේ හද මා දුටුවා ඔබගේ හද මා දුටුවා

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs